සවස වී ප්‍රධාන ප්‍රවෘත්ති- 6.00 PM (2008-05-09)

වී පැයේ අ‍‍‍නෙකුත් පුවත්
2008-05-09 4.00 PM
පවුල් සෞඛ්‍ය 11 'අ' ඛණ්ඩයේ 2007 කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙපාර්තමේන්තු පරීක්ෂණය කල් යයි. විභාගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් නැගෙනහිර පළාත් සභා මැතිවරණය හේතුවෙන් එම ප්‍රදේශවල අයදුම්කරුවන්ට කොළඹ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීම දුෂ්කර බැවින් අදාළ විභාගය කල් දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව එම විභාගය ලබන 25 වෙනි දින පැවැත්වීමට නියමිතයි. අපේක්ෂකයන් වෙත නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රය එදිනට වලංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විශේෂ කාර්ය බලකාය පසුගිය අප්‍රේල් මස 29 වෙනි දා සිට මේ මස පළමු වැනි දා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් ආයුධ අතර කිලෝග්‍රෑම් 4 ක් බර බිම්බෝම්බ දෙකක්, විදුලි ඩෙටනේටර් 12 ක්, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 15 ක්, ජෙලට්නයිට් කූරු 44 ක්, සේවා නූල් අඩි 917 ක් සහ පුද්ගල නාශක බෝම්බ 9 ක් ද වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මීට අමතරව සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
2008-05-09 3.00 PM
නැගෙනහිර ඡන්දය පැවැත්වෙන දිනයේ පිල්ලෙයාන් පාර්ශ්වය නිරායුධ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරයි. මැතිවරණයට දිනක් පමණක් ඉතිරිව තිබියදී මෙවැනි පෙත්සමක් විභාග කර තීන්දුවක් දීම අපහසු බව විනිසුරු අශෝක ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර තිබේ. පෙත්සම විභාග කිරීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවශ්‍ය පියවර ගැනීම සඳහා එහි පිටපතක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

විදේශ සහනාධාර ලබාගැනීමට වඩාත් නම්‍යශීලි ප්‍රතිපත්තියක් මියන්මාරය අනුගමනය කරනු ඇති බවට ඉන්දුනීසියාව විශ්වාසය පළ කරයි. ඒ අනුව අවශ්‍ය පරිදි එම සහනාධාර ලබාදීම පහසු වනු ඇති බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. මේ අතර දෙස් විදෙස් මාධ්‍ය වෙනුවෙන් කටයුතු කරන ඉන්දුනීසියානු ජනමාධ්‍යවේදීන් හත් දෙනෙකුට මියන්මාරයට ඇතුළු වීමට අවසර දී නොමැත. ඉන්දුනීසියාවේ මියන්මාර තානාපති කාර්යාලය පවසන්නේ කුණාටුවෙන් පසු එරට පවත්නා තත්වය හමුවේ විදේශිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට තම රජයට අපහසු බවයි.
2008-05-09 2.00 PM
සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය රජයේ රක්ෂිතයේ සහකාර ක්ෂේත්‍ර නිලධාරියෙකුට මැර ප්‍රහාරයක් එල්ල වෙයි. බරපතල තුවාල ලැබූ නිලධාරියා සියඹලාණ්ඩුව මහා රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලෙබනනයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව නතර කෙරේ. එරට උද්ගතව ඇති අභ්‍යන්තර අර්බුදකාරී තත්වය හේතුවෙන් මේ පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. පවතින තත්වය හේතුවෙන් ලෙබනනයේ බීරුට් ජාත්‍යන්තර ගුවන් තොටුපල ද තාවකාලිකව වසා දමා තිබේ. ලෙබනනයේ පවතින තත්වය එහි සේවය කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපා නැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
2008-05-09 1.00 PM
මන්නාරම පරප්පකඩත්තාන්වලට උතුරින් පිහිටි කොටි ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් කඳවුරකට ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරයි. ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් අද පෙරවරු 10.15ට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. මෙම කොටි කඳවුර මන්නාරම ඉදිරි ආරක්ෂක වලල්ලට කිලෝමීටර් දෙකක් උතුරින් පිහිටා තිබූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානයක්කාර මහතා පවසයි. ගුවන් ප්‍රහාරවලින් මෙහෙයුම් කඳවුර සම්පුර්ණයෙන් විනාශ වූ බව ගුවන් නියමුවන් තහවුරු කර තිබේ.

ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම සහ රජයේ ආධාරකරුවන් අතර දිගටම ගැටුම් පවතී. තුන්වන දිනයටත් අද ගැටුම් පවතිද්දී රජයේ රූපවාහිනී මධ්‍යස්ථානයක් වසා දැමීමට හිස්බුල්ලා තුවක්කුකරුවන් සමත් වී තිබේ. බටහිර ගැති පාලක සන්ධානයේ නායක සාද් හරීරී ට අයත් රූපවාහිනී මධ්‍යස්ථානයේ විකාශන කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. මේ අතර ඔහුටම අයත් පුවත් පත් කාර්යාලයකට තුවක්කුකරුවන් ගිනි තබා ඇත. ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ ගැටුම්වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් දස දෙනෙකු මියගොස් ඇති බවයි.

2008-05-09 11.00 AM
කැළණිය විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර සමාජ විද්‍යා සම්මන්ත්‍රණය මෙම වසරේ දී පැවැත්වේ. එය ජූලි මස දහ අට, දහ නවය, විස්ස යන දිනවල දී කැළණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය මාපා තිලකරත්න මහතා පවසයි. මේ සඳහා පර්යේෂණ පත්‍රිකා මේ මස තිස් එක්වෙනිදා දක්වා භාරගන්නා බව ඒ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය විස්තර පත්‍රිකා කැළණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකයෙන් ලබාගත හැකිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදනායතන හා හෝටල් සේවකයන් සඳහා වෛද්‍යා සහතික නිකුත් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කෙරේ. අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ ප්‍රදේශයේ සිදුකළ හෝටල් සහ නිෂ්පාදන ආයතන පරීක්ෂා කිරීමෙන් පසු එම තීරණය ගත් බවයි. හෝටල් වල සේවකයන් ආහාරපාන පිලියෙල කිරීමේදී නිවැරදි ආරක්ෂක ක්‍රම අනුගමනය නොකරන බව මෙහිදී හෙලිවී තිබේ.
2008-05-09 10.00 AM
ඉන්දියාවේ සිට නීති වීරෝධී භාණ්ඩ තොගයක් මුහුදින් ප්‍රවාහනය කළ පුද්ගලයින් නවදෙනෙකු කල්පිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනෙති. මුහුදු අශ්වයන්, මුහුදු පැලෑටි හා බාබුජී මත්ද්‍රව්‍ය මොවුන් ලග තිබී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි. සැකකරුවන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ප්‍රචාරක රැළියේ ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ එකසිය දෙකක් යොදාගත් බවට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරයි. එහි අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.ජී.පී මහේෂ් මහතා පවසන්නේ අම්පාර නගරයේ සහ ඔලුවිල් ප්‍රදේශයේ පැවති රැස්වීම් සඳහා ජනතාව ගෙන යාමට මෙම බස් රථ යොදාගත් බවයි.
2008-05-09 9.00 AM
මන්නාරම අඩම්පන් නගරය ආරක්ෂක අංශ අත්පත් කර ගනී. 58 වන බල සේනාංකයේ භට පිරිස් අද අලුයම නගරයේ බලය සම්පූර්ණයෙන්ම තහවුරු කරගත් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානයක්කාර මහතා පවසයි. ත්‍රස්තවාදීන්ගේ බංකර් කිහිපයක්ම විනාශ කරමින් ආරක්ෂක අංශ නගරයට ඇතුලු වී තිබේ. ගැටුම්වලදී කොටි ත්‍රස්තවාදීහු පහලොස් දෙනෙක් මියගියහ. එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදනෙක් මියගොස් තවත් හත් දෙනෙක් තුවාල ලබා තිබේ. ඊයේ පෙරවරුවේ දී අඩම්පන් වැව ඇතුලු වර්ග කිලෝමීටර් දෙකක බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශ සමත්විය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ වන විටත් ඡන්ද පෙට්ටි සහ නිළධාරීන් යවමින් සිටින බව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කියයි. සහකාර මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ බණ්ඩාර මාපා මහතා පවසන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන දෙසීය අසූ හතරක දී ඡන්දය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඉන් මධ්‍යස්ථාන හයක් අවතැන් වූ ජනතාව සඳහා වෙන්කර ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියයි.
2008-05-08 5.00 PM
මාතලේ පොලිස් වසමේ සිදු කළ නීති විරෝධී මත් පැන් වැටලීම්වලින් සැකකරුවන් පන්සිය හැට දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඉකුත් මාස 04 ක කාලය තුළ මාතලේ පොලීසිය සිදු කළ මෙම වැටලීම්වලදී රුපියල් විසි තුන් ලක්ෂ හතලිස් පන්දහස් තුන්සිය පහනහක දඩ මුදලක් අය කර ගැනීමට හැකි වී තිබේ. නිති විරෝධී ලෙස මත් පැන් නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවි කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබිණ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ජනවාර්ගික අර්බුදය විසදීමට සහය ලබා දෙන බව ජපාන අගමැති කුරෝඩා මහතා පවසයි. ජපාන අගමැතිවරයා මේ බව සඳහන් කලේ ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සරත් අමුණුගම මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීයි. ආසියානු සංවර්ධන බැංකුවේ 41 වන වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා ස්පාඥ්ඤයේ මැඩ්රිඩ් නුවර බලා ගොස් සිටින අමුණුගම අමාත්‍යවරයා සමඟ පැවැති මෙම හමුවේ දී දෙරටට බලපාන ආර්ථික හා දේශපාලන කරුණු රැසක් පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

2008-05-08 4.00 PM
වව්නියාව චෙක්කඩිපිලව් ප්‍රදේශයේ දී ටෙලෝ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ. මියගොස් ඇත්තේ බාස්කරන් නැමැත්තෙකු බවට හදුනාගෙන ඇත. ටෙලෝ සාමාජිකයා මිතුරෙකු හමුවීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සන්නද්ධ පිස්තෝලකරුවකු ඔහුට වෙඩි තබා ඇත. අද දහවල් ඇති වූ මෙම සිද්ධියත් සමඟ ගත වූ පැය හතලිස් අටක කාලය තුළ වව්නියාවේ දී පුද්ගලයන් තුන් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවෙන් ඉල්ලයි. එම පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සමන් සිරි ප්‍රනාන්දු මහතා පවසන්නේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර විසි හතරක භුමි භාගයක් පළාත් සභා මන්ත්‍රීවරයෙකු අයථා අන්දමින් අත්පත් කරගෙන ඇති බවයි. අදාළ මන්ත්‍රීවරයා එම ඉඩම මේ වන විට පවුල් අසූවක් අතර බෙදා දීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ගලහ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව සමන්සිරි ප්‍රනාන්දු මහතා පවසයි. එහෙත් මේ දක්වා ඔවුන් එයට කිසිදු පියවරක් ගෙන නැතැයි මන්ත්‍රීවරයා කියා සිටියි.
 
 
දින දසුන
පුර පසළොස්වක පෝය රජයේ පොදු නිවාඩු
අව අටවක අමාවක පුර අටවක
Reset to Today
වැඩසටහන් පෙළගැස්ම
:: ප්‍රධාන කාර්යාලය ::
 ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගම
 22බී, පැපිලියාන පාර, ගංගොඩවිල
 නුගේගොඩ, ශ්‍රී ලංකාව
 Tel - (+94)0114541641, (+94)0114541956-60
 Fax - (+94)0114541656
 eMail - contact@vfmlanka.com
Copyright © 2007-2008 All rights reserved.

වී පැයේ අළුත්ම ප්‍රවෘත්තිය
 2008-05-09  5.00 PM Audio Track
 2008-05-09  4.00 PM Audio Track
 2008-05-09  3.00 PM Audio Track
 2008-05-09  2.00 PM Audio Track
 2008-05-09  1.00 PM Audio Track
 2008-05-09  11.00 AM Audio Track
 2008-05-09  10.00 AM Audio Track
 2008-05-09  9.00 AM Audio Track
 2008-05-09  8.00 AM Audio Track
 2008-05-08  5.00 PM Audio Track
2008-05-09  5.00 PM
ත්‍රිකුණාමලය ධීවර සමිති සංවර්ධනයට රුපියල් ලක්ෂ 28 ක් බෙදාදීමට පියවර ගැනේ. විශේෂයෙන්ම ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ධීවර කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වූ ධීවර සමිති තෝරාගෙන එම මුදල් ලබාදීමට ධීවර අමාත්‍යංශය පියවර ගෙන ඇත. මුල් අදියරේ දී තෝරාගත් ධීවර සමිති 7 කට රුපියල් ලක්ෂ 4 බැගින් ලබාදීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ කාර්යාල දෙකකට කඩා වැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පක්ෂය නැගෙනහිර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාල දෙකකට ආයුධ සන්නද්ධව කඩා වැදී තර්ජනය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් මයිකල් පෙරේරා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය පොලිස්පති උපාලි ගුණසේකර මහතා වෙත අද දහවල් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

'වී' රේඩියෝ පෙරළියේ මාර්තු මස ජයග්‍රාහිකාව - ශශිකලා ප්‍රියදර්ශනී
'වී' රේඩියෝ පෙරළියේ මාර්තු මස ජයග්‍රාහකයා ලෙස අංක 1/400 රත්මලේ පාර, දිවුලන්කඩවල ලිපිනයේ පදිංචි ශශිකලා ප්‍රියදර්ශනී හීරෝ හොන්ඩා ස්ප්ලෙන්ඩර් එන්.එක්ස්.ජී. මෝටර් සයිකලය දිනා ගනී. වී ගුවන් විදුලි නාලිකාවේ සාමාන්‍යාධිකාරී සෙනරත් රත්නින්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කිත්සිරි ජයවර්ධන සහ ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, ස්ටැෆර්ඩ් මෝටර්ස් ප්‍රධාන කාර්යාලයේ දී අප්‍රේල් මස 22 වන දින පස්වරු 3.00 ට පමණ දිණුම් ඇදීම සිදු විය. මාර්තු මාසය පුරා 'වී' ශ්‍රාවකයන්ගෙන් ලැබුණ තැපැල් පත් දස දහස් ගණනකට වැඩි සංඛ්‍යවක් මෙම දිනුම් ඇඳීම සඳහා තෝරාගෙන තිබිණ.

මිහිකත දිනය ප්‍රසංගය (Earth Day Concert) - බුදෝකාන් රංග ශාලාව, ටෝකියෝ, ජපානය

Get the Flash Player 8 or higher to see this page.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනි දින මිහිකත් දිනයක් උදා විය. එදින ද මිහිකතට සත්කාර කිරීමේ කෘතගුණය හිතට දැනිණ. මිහිකත් දින සැමරුම් නිමිත්ත පෙරදැරිව ටෝකියෝ නගරයේ බුදෝකාන් රංග ශාලාව පරිසර හිතකාමී සත් ජනයින් දස දහසකින් පිරී ඉතිරී ගියේය. ඒ ටෝකියෝ එෆ්.එම්. ගුවන්විදුලිය සහ වී එෆ්.එම්. ගුවන්විදුලිය මිත්‍රත්වයේ දෑත් දිගුකර මිහිකතට ළෙන්ගතුකම දැක්වීමේ සත්කාරයක් ලෙසිනි.

බුදෝකාන් රංග ශාලාවේ දස දහසක් වූ ප්‍රේක්ෂක අසුන් පිරී ඉතිරී ගිය නොහිම් මොහොතේ පොප් ගී රැජින වන මැඩෝනා සිය මිහිකත් සැමරුම් සුබපැතුම් වාතලයට මුසු කළා ය. ඒ උණුසුම් සුබපැතුම් සමග ලොව ප්‍රකට ගායක ගායිකාවන් වන කැනේඩියානු ජාතික ඩැනියෙල් පවුටර්, ජපන් ජාතික සුපිරි පොප් තාරතාවන් වන බොනී පින්ක් සහ අයාකා සහභාගි වූයේ මිහිකත සුරැකීමට තිබෙන්නා වූ සිත් උත්කර්ෂයට නංවමිනි. මෙහිදී එකතු වූ මුදල් අප්‍රිකානු පරිසර ක්‍රියාකාරී නොබෙල් ත්‍යාගලාභිනියක් වන ආචාර්ය වංගරි මාතායි වෙත වී එෆ්.එම්. සහ ටෝකියෝ එෆ්.එම්. පරිත්‍යාග කරන ලදී.

මෙම ප්‍රසංගය ඉංග්‍රීසි බසින් විකාශය වේ. මෙහි කථන රටා සියල්ලම සරල ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කෙරෙන නිසා, එය සිංහලට පරිවර්තනය නොකළේ, ඔබගේ රසාස්වාදනයට බාධාවක් විය හැකි නිසායි. ටෝකියෝ එෆ්.එම්. සහ වී එෆ්.එම්. සංවිධානය කළ ‛ටෝකියෝ අර්ත් ඩේ කොන්සර්ට්’ ප්‍රසංගයට මෙතැන් සිට ඔබට සමීප විය හැකියි.

මිහිතලයේ අයිස් ශීඛර උණුව වැගිරිණි. මහ සයුර කැළ‌ඹිණි. ගොඩබිම ගිල ගනිමින් පාඩම් කියා දුන්න ද සොබාදහම් දිනිතිය ගැන වගේ වගක් නොතිබිණි. ගිනියම් අම්ල වැසි වසින්නේ ද මේ නිසාය. මිනිසාගේ කෲරතර පාපී චේතනා නිසා මහපොළොවේ හෙට දවසේ පැවැත්ම අස්ථිර ය. තෙරක් නැති උණුසුමින් පෘථිවිය ගිනිජල් වේ. ඒ ගිනි ජාලා අප සියලු දෙනා වෙළාගන්නා දිනය වැඩි ඈතක නොවේ.

මේ ටෝකියෝ එෆ්.එම්. සහ වී එෆ්.එම්. සංවිධානය කළ ‛ටෝකියෝ අර්ත් ඩේ කොන්සර්ට්’ ප්‍රසංගයයි. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ ටෝකියෝ බුදෝකාන් ශාලාවේදීයි. මේ මොහොතෙහි බුදෝකාන් ශාලාවේ දස දහසක් වන අසුන් සියල්ල පිරී පවතියි. උණුසුම් සිතුවිලිවලින් පොපියන චමත්කාරයකින්, සියලු රසිකයන් උද්දාමයට පත්ව සිටියි. මිහිතල දිනය උදෙසා සැලසුම් කළ මෙම ප්‍රසංගය ඔබ ද රසවිඳ, මිහිතලය සහ ‛අර්ත් ඩේ කොන්සර්ට් ප්‍රසංගය’ ගැන ඔබේ අදහස් ලියන්න. වී. එෆ්. එම්. අංක 60, නුගේගොඩ.

මිහිමඬලට ආදරය කරන සෑම දිනයක් ම මිහිතල දිනයකි. එම සිතුවිල්ල පෙරදැරිව ඔබ රසවිඳි ‛අර්ත් ඩේ කොන්සර්ට්’ නිමාවන මොහොතේ හද පුරා ස්තුතියි කියන්නේ, ළෙන්ගතු සිතිනි.

මිහිතල දින ප්‍රසංගය රස විඳීමෙන් ඔබ ලද ආනන්දය අප වෙත දන්වන්නේ නම්, එය අපට හෙට දවසට අත්වැලකි.

අට දහය කතිකාව -- කතිකාව සමග සම්බන්ධ වන්න. ඔබේ අදහස් අප වෙත එවන්න --
සිකුරාදා(2008-05-09) අට-දහය කතිකාව ----- හෙට නැගෙනහිර ඡන්දය නිදහස් හා සාධාරණ මැතිවරණයක්ද ----- ඔබේ අදහස් +94-11-2814788 මගින් අප වෙත දන්වන්න       

Get the Flash Player 8 or higher to see this player.





රිදී ගී දෙහෝරාව වී ස්වර්ණ ස්වරාභිමානය අංජ බජල් විරිදු

පනස්පහ ට වෙනස් දෙයක්

වී විශේෂාංග


4.00 සි‍ට 6.00 දක්වා විකාශනය වේ.

වී.එෆ්.එම්. දවසේ වැඩසටහන් ඇරඹෙන්නේ හිමිදිරි වී වැඩසටහනෙනි. සෙත් පිරිතෙන් ඇරඹී උදෑසන නැවුම් හැගුම් දනවන ගීත ශ්‍රාවකයින් වෙත ඉදිරිපත් කරයි.

උදෑසන 6.00 සි‍ට 8.00 දක්වා විකාශනය වේ.

දවසේ ආරම්භයත් සමඟ ප්‍රබෝධමත් දිනයකට උචිත මානසික ප්‍රබෝධය ගෙනඒම පිණිස උදා ගී ඉදිරිපත් කෙරේ. දේශාභිමානී ගී, මව්ගුණ - පියගුණ ගී, පරිසර වර්ණනා, මෙන්ම ශ්‍රමාභිමාන ගී පමණක් මෙහිදී ශ්‍රාවකයා වෙත පිරිනැමේ.

පෙරවරු 10.00 සි‍ට 12.00 දක්වා විකාශනය වේ.

සරල විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහනකි. ඒ අතර හාස්‍ය මුසු නාට්‍යයක්ද සරල ගී රසවින්දනයක්ද ශ්‍රාවකයාට ලබාදෙන්නකි. ගුවන් විදුලි හඩ නළුවක් වන ''ඕං හීන් සැරේ'' කොටස් අටක් ලෙසින් පැය දෙක පුරාවටම විකාෂණය වේ.

මධ්‍යන්න 12.00 සි‍ට 02.00 දක්වා විකාශනය වේ.

උසස් රසාස්වාදයක් ඇති කිරීමේ අරමුණ ඇතිව හඳුනාගත් සොඳුරු ගීත පමණක් මෙහිදී ඉදිරිපත් කෙරේ. පවත්නා ගීත දර්ශකවල තිබෙන කඨෝරභාවය වෙනුවට සරල ලගන්නා සුළු ගී රස විඳීම හා එයින් විනෝදාශ්වාදයක් ලබා ගත හැකි බව අරමුණු කරගත් වැඩසටහනකි.

පස්වරු 02.00 සි‍ට 04.00 දක්වා විකාශනය වේ.

අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි.අසන්නන් සමඟ සමීපවීම හා ඔවුනට සරල රසවත් ගී හඳුන්වා දීම මෙහි අරමුණයි.මන්ද අප හඳුනාගත් සොඳුරු ගී පමණක් මෙහිදී ඉදිරිපත් වේ. එමගින් ද සුභාවිත ගී අසන්නාට සමීප කරවීම අරමුණයි.



පස්වරු 4.00 සිට විකාශනය වේ.

සිංහල, ඉංග්‍රීසි, හින්දි මිශ්‍ර ගී සමඟ දැනුම හා විනෝදය සපයන සරල රසවින්දනාත්මක වැඩසටහනකි.

පස්වරු 6.00 සිට විකාශනය වේ.

1970 දශකයේ බිහිවූ කණ්ඩායම් සංගීතය හා 1970 දශකයේ බිහිවූ ගායක ගායිකාවන්ගේ ගීත ඉදිරිපත් කෙරෙන සංගීත වැඩසටහනකි. හැත්තෑව දශකය ගීත කලාවේ වෙනස් ආරක් සටහන් කළ අතර එම ගීත ඇසීමට නූතන රසිකයින්ට අවකාශ සලසාදීම වැඩසටහනේ අරමුණ වේ.

රාත්‍රී 08.00 සිට විකාශනය වේ.

යමෙකුගේ ජීවිතය සමග වඩාත් සමීපව බැඳුනු කිසියම් සුවිශේෂී ගීතයක් පිළිබඳ සිය අත්දැකීම් අන්‍යයන් හා බෙදා හදා ගැනීමට ඉඩ සැලසෙන වැඩ සටහනකි.

අතිශය පෞද්ගලික අත්දැකීමක්, විඳීමක් අනෙකා හා බෙදා හදා ගනිමින් සජීවීව සිය අදහස් ගුවන් විදුලි මාධ්‍යය හරහා ප්‍රචාරය කර ගැනීමට උනන්දු වන ශ්‍රාවකයාට "හිත අද්දර" සොඳුරු තෝතැන්නකි.

රාත්‍රී 10.00 සිට විකාශනය වේ.

බොහෝදෙනා ඇසීමට ප්‍රිය උපදවන සිංහල හා හින්දි ගී ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන, ඉතා ජනප්‍රිය ගීත සඳහා පමණක් වෙන්වී ඇත. රාත්‍රීයේදී විඳිය හැකි සරල ශාස්ත්‍රීය ගී ඇතුළත්ය.

මධ්‍යම රාත්‍රී 12.00 සිට විකාශනය වේ.

මධ්‍යම රාත්‍රී 12.00 සිට උදෑසන 4.00 දක්වා විකාෂණය වන මියුරු ගීතා වලියකි. රාත්‍රී කාලයේ දී රසවිඳිය හැකි සුභාවිත ගීත ඉදිරිපත් කෙරේ. විශේෂයෙන් නිදිවර්ජිතව රැකියා කරන හා වෙනත් කටයුතුවල යෙදෙන ශ්‍රාවකයින්ට නවමු ගීරස බෙදාදීම මෙහි අරමුණයි.


වී එෆ් එම් වැඩසටහන්-සතියේ දිනවල
අළුයම විකාශණය
05.00 - 05.50 පන්සිල් සහ සෙත් පිරිත්    
පෙර වරු විකාශණය
06.00 - 08.00 උදා වී  
07.00 am වී ප්‍රධා‍න පුවත්  
08.00 - 10.00 8-10 කතිකාව    
10.00 - 12.00 දවල් වෙලා  
මධ්‍යහ්න විකාශණය
12.00 pm වී ප්‍රධාන පුවත්  
12.00 - 02.00 ගී විසි පත/ගීත දර්ශකය  
පස් වරු විකාශණය
02.00 - 04.00 ගී ඔබේ වී/ගීත ඉල්ලීම්  
04.00 - 06.00 හැන්දෑ වී
06.00 pm වී ප්‍රධාන පුවත්  
රාත්‍රී විකාශණය
06.00 - 08.00 හැත්තෑවේ තරු    
08.00 - 10.00 හිත අද්දර
10.00 - 12.00 තරු වැස්ස    
මධ්‍යම රාත්‍රී
12.00 - 04.00 නින්ද නේන රාත්‍රීයේ

අපේ ලෝකය
අට දහය
රූප ඇල්බමය
Copyright (c) 2007-2008 All rights recerved. Lanka Television Networks (Pvt) Ltd.
"V-FM" Helaya Puraa ----- Visit www.vfmlanka.com -----