සවස වී ප්‍රධාන ප්‍රවෘත්ති- 6.00 PM
(2008-05-13)

වී පැයේ අ‍‍‍නෙකුත් පුවත්
2008-05-13 4.00 PM
අහංගම වැලිහේන්ගොඩ දී පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලි ගත කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බව දුම්රිය පාලක මැදිරිය කියයි. ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඊයේ සවස පීලිපැනීමෙන් දුම්රිය ධාවන කටයුතු අත්හිටුවීමට සිදුවිය. අද සවස් කාලය වන විට දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවට පාලක මැදිරිය විශ්වාසය පල කරයි. කොළඹ සිට දුම්රිය ධාවනය වන්නේ ගාල්ල දක්වා පමණි.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මංගලගම, අන්නාසිගල සහ මොලගොඩ ප්‍රදේශ අතර රථවාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමා කෙරේ. මෙහිදී ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීමට සවස 6.00 ත්, රාත්‍රී 10.00 ත් අතර කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලයි.
2008-05-13 3.00 PM
මියන්මාරයේ අවතැන් වූ ජනතාවට ආධාර ලබාදීමට ආණ්ඩුව පියවර ගනියි. එම වැඩ පිළිවෙලේ මුල් අදියර යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් තේ කොළ මෙට්‍ර්ක්ටොන් එකක තොගයක් මියන්මාරයට පරිත්‍යාග කර තිබේ. එම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වසර දහස් ගණනක් ඉපැරණි බවයි.

සංස්ථා වැඩ බිම්වල ආරක්ෂාව පෞද්ගලික අංශයට පවරා ඒවා අනාරක්ෂිත තත්වයට පත් නොකරන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි. වැඩ බිම්වල ආරක්ෂාව සඳහා යොදා සිටි සංස්ථා සේවකයන් එම වැඩ බිම්වලින් ඉවත් කර ඇතැයි එම සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතා, ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
2008-05-13 2.00 PM
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඔක්ස්ෆර්ඩ් සංගමය අමතයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආදි සිසුන්, විද්වතුන් සහ වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ ජනාධිපතිවරයා පවත්වන මෙම දේශනයේ දී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට නියමිතයි. එසේම ආණ්ඩුව ඉදිරීයේ දී ගන්නා ක්‍රියාකලාපය පිළිබද අදහස් ඉදිරිපත් කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙයි.

චීනයේ භූ චලනයෙන් විපතට පත් වූවන් සඳහා සහනාධාර සැපයීම වර්ෂාව නිසා අඩාල වෙයි. සහන සේවකයන් පවසන්නේ වර්ෂාවෙන් මහා මාර්ග යට වී ඇති බැවින් විපතට පත් ස්ථානවලට ලඟාවීම දුෂ්කර වී ඇති බවයි. මේ වන වට මියගොස් ඇති සංඛ්‍යාව දස දහසත් ඉක්මවා ඇති බව චීනයේ ෂින්හුවා පුවත් සේවය පවසයි. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.
2008-05-13 1.00 PM
නිට්ටඹුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ වැඩි දෙනෙකු වතුපිටිවල මූලික රෝහලේ තව දුරටත් ප්‍රතිකාර ලබන බව නිට්ටඹුව පොලීසිය පවසයි. බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එම්.එම්. සමරනායක මහතා පවසයි. අද පෙරවරු 10.30 ට පමණ වේවැල්දෙනිය, බටලීය මංසන්ධියේ දී සිදු වූ මෙම අනතුරින් තිස් දෙදෙනෙක් තුවාල ලැබූහ.

වාකරේ පොලිස් බල ප්‍රදේශයේ මදුරංකුලම කැලෑවේ වළ දමා තිබූ යුද උපකරණ තොගයක් සොයා ගැනේ. වැලිකන්ද පොලීසියට ලැබුණු තොරතුරක් මත ඒවා සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි. මිලිමීටර් 96 වර්ගයේ උණ්ඩ 132 ක්, ගුවන් යානා නාශක උණ්ඩ 511 ක්, ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6 යි ග්‍රෑම් 285 ක් සහ කිලෝග්‍රෑම් එකක් බරැති ක්ලේමෝ බෝම්බයක් ඒ අතර වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
2008-05-13 11.00 AM
කටුනායක ප්‍රදේශයේ ගෘහණියන් සහ ඇඟලුම් සේවිකාවන් රවටා මුදල් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. වටිනා ගෘහ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සහන මිලට ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාජ රිසිට්පත් නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක වංචාවක් ඔවුන් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඒ සඳහා යොදාගත් වෑන් රථය ද සාම්පල වශයෙන් යොදාගත් ඉලෙක්ට්‍රොනික් උපකරණ ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතා පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කෑගල්ල, පරගම්පන සහ කැන්දෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

හැටන් නෝර්වුඩ් පොලීසිය ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙති. නෝර්වුඩ් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරීම සඳහා පියවර ගෙන තිබීමට විරෝධය පාමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වන බව අප වාර්තාකරු පවසයි. පොලීසියේද සහාය ඇතිව මෙම අනවසර මැණික් ගැරීම සිදු කරන බව නෝර්වුඩ් වත්තේ කම්කරුවෝ පවසති. මේ සඳහා වගකිව යුතු නිලධාරීන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස උද්ඝෝෂණයේ නිරත කම්කරුවෝ ඉල්ලා සිටිති.

2008-05-13 10.00 AM
නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගත් දෙමළ ජාතික තරුණයකුට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කරයි. මඩකලපුවේ පදිංචි ඔහු මාතලේ, බණ්ඩාරපොළ ප්‍රදේශයේ දී පසුගිය දා අත්අඩංගුවට ගැනිණ. මහේස්ත්‍රාත් අධිකරණය වරදකරුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් නියම කළේය.

භූ චලනයත් සමගම මහත් ව්‍යසනයකට මුහුණ දී සිටින මේ මොහොතේ සන්සුන්ව ක්‍රියා කරන ලෙස චීන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි. රික්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් වූ මෙම භූ චලනයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දස දහස ඉක්මවන බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. වයඹදිග සිචුන් නගරයේ පමණක් මියගොස් ඇති සංඛ්‍යාව තුන්දහසත්, පන්දහසත් අතර විය හැකි බවට විශ්වාස කෙරේ. 1976 වසරේ ජූලි මස 28 වෙනි දින බීජිං නුවර ආසන්නයේ සිදු වූ භූ චලනයෙන් දෙලක්ෂයකට වැඩි පිරිසක් මිය ගියහ.
2008-05-13 9.00 AM
වීරඟුල පොලීසියේ කොස්තාපල්වරයකු කපාකොටා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරකින් මියයයි. ඊයේ සවස එම කොස්තාපල්වරයා රාජකාරි කටයුත්තක නියැලී සිටිය දී අදාළ සැකකරු ඔහු ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කලවටුවාව ප්‍රදේශයේ රබර් වත්තක් වැටලීමට පොලීසිය පියවර ගත්තේය. එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබේ. පසුව පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇති බව වීරඟුල පොලීසිය කියයි.

බලපත්‍ර රහිතව මහවැලි වාරි ඉඩම්වල වගා කටයුතු කරන ගොවීන්ගෙන් අය කරන බදු මුදල ඉහළ දැමීම නිසා ගොවීහු අපහසුතාවට පත් වෙති. මෙතෙක් ඔවුන්ගෙන් අක්කරයකට අය කළ බදු මුදල රුපියල් එක්දහස් පන්සියයකි. මෙම වසරේ සිට එය රුපියල් හාරදහසක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. වසර 15 කට වැඩි කාලයක් තිස්සේ මෙම ගොවීන් මහවැලි වාරි ඉඩම්වල වගා කටයුතුවල නිරත වන බව අනාවරණය වේ. බදු මුදල් ඉහළ දැමීම හේතුවෙන් වගාබිම් අතහැර දැමීමට සිදුවී ඇති බව ගොවීහු පෙන්වා දෙති.
2008-05-13 8.00 AM
මීගමුව, හලාවත, කට්ටුව ප්‍රදේශයේ සිදු වූ මාර්ග අනතුරකින් කාන්තාවක් මියයයි. ඇය මියගොස් ඇත්තේ යතුරු පැදියක ගැටීමෙන් බව මීගමුව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රී 7.00 ට පමණ සිදු වූ අනතුරින් මියගොස් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවකි. යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම නගරයේ දී ත්‍රිරෝද රථයක් පැහැර ගැනේ. ඊයේ දහවල් කිසියම් පිරිසක් එය පැහැරගෙන ගොස් ඇති බවට රථයේ හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබේ. මෙම සොරකම කාලයක සිට සැලසුම් කර සිදු කරන ලද්දක් බවට පොලීසිය සැක කරයි. පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2008-05-12 5.00 PM
ඓතිහාසික සිතුල්පව්ව විහාරයට පිවිසෙන මාර්ගය අබලන් වීමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටිති. කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය කිලෝමීටර් අටක් පමණ වෙයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගය දිගු කලක් තිස්සේ පිළිසකර නොකිරීමෙන් අබලන් වී ඇතැයි අප වාර්තාකරු පවසයි. මේ නිසා කතරගම සිට සිතුල්පව්ව දක්වා කිලෝමීටර් තිස්පහක දුරක් ගෙවා යාමට මගීන්ට සිදු වී තිබේ. එළඹෙන වෙසක් සහ පොසොන් උත්සව සමයේ සැදැහවතුන් විශාල පිරිසක් සිතුල්පව්ව විහාරය වන්දනාමාන කරනු ඇති බවට අපේක්ෂිතයි. මේ නිසා අදාළ මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.

චීනයේ භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව නව සියයක් දක්වා වැඩි වෙයි. එරට රජයේ මාධ්‍ය පවසන්නේ මියගිය සියලු දෙනා සිසුන් බවයි. මේ අතර තවත් සිසුන් සියයකට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව මුලින් ලැබූ වාර්තාවල සඳහන් විය. ප්‍රාථමික පාසල් ගොඩනැගිලි කඩා වැටීමෙන් එම සිසුන් මියගොස් තිබේ.

2008-05-12 4.00 PM
දෙමළ ජාතික සාමාන්‍ය වැසියන් පස් දෙනෙක් මන්නාරම පල්ලෙමුනෙයි නාවික සහ පොලිස් ඒකාබද්ධ සේවා මුරපොල වෙත භාර වෙති. මුදානොගත් ප්‍රදේශයේ සිට ඔවුන් පැමිණ ඇත්තේ කණ්ඩායම් දෙකක් වශයෙනි. ඔවුන් අතර තරුණයන් ද කාන්තාවක ද වන බව ආරක්ෂක අංශ පවසයි. ඔවුන් පවසන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම් දරාගත නොහැකිව කොටි ග්‍රහනයෙන් මිදී පලා ආ බවයි. එම පිරිස මන්නාරම රජයේ සිවිල් සම්බන්ධීකාරක වෙත යොමු කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

ව්‍යාජ ගමන් බලපත් මගින් විදේශ ගත වීමට සැලැසුම් කළ පුද්ගලයෙකුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවයාම තහනම් කරයි. බිරිදගෙන් වෙන්ව ජීවත් වන ඔහු තම පුතා සමඟ විදේශ ගත වීමට උත්සහ කරද්දී අත්අඩංගුවට ගැනිණ.
 
 
දින දසුන
පුර පසළොස්වක පෝය රජයේ පොදු නිවාඩු
අව අටවක අමාවක පුර අටවක
Reset to Today
වැඩසටහන් පෙළගැස්ම
:: ප්‍රධාන කාර්යාලය ::
 ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගම
 22බී, පැපිලියාන පාර, ගංගොඩවිල
 නුගේගොඩ, ශ්‍රී ලංකාව
 Tel - (+94)0114541641, (+94)0114541956-60
 Fax - (+94)0114541656
 eMail - contact@vfmlanka.com
Copyright © 2007-2008 All rights reserved.

වී පැයේ අළුත්ම ප්‍රවෘත්තිය
 2008-05-13  5.00 PM Audio Track
 2008-05-13  4.00 PM Audio Track
 2008-05-13  3.00 PM Audio Track
 2008-05-13  2.00 PM Audio Track
 2008-05-13  1.00 PM Audio Track
 2008-05-13  11.00 AM Audio Track
 2008-05-13  10.00 AM Audio Track
 2008-05-13  9.00 AM Audio Track
 2008-05-13  8.00 AM Audio Track
 2008-05-12  5.00 PM Audio Track
2008-05-13  5.00 PM
හැටන් නෝවුඩ් වතු යායේ උද්ගතව ඇති අර්බුදය විසදීමට අදාළ බලධාරීන් අපොහොසත් වන්නේ නම් හෙට දින වැඩ වර්ජනයක නිරත වන බවට වතු කම්කරුවෝ අනතුරු අගවති. මෙම වතුයාය අනවසර මැණික් ගැරීම් සඳහා යොදා ගෙන ඇති බවට චෝදනා කරමින් වතු කම්කරුවෝ අද නෝවුඩ් පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වූහ. කම්කරුවන් පවසන්නේ මැණික් ගැරීමට සම්බන්ධ පුද්ගලයන් නීතියේ ඉදිරියට ගෙන එන තුරු වැඩ වර්ජනය අත් නොහරින බවයි.

පර්චස් දාසයයි දශම පහක ඉඩම් කොටසක් වංචනික ලෙස රුපියල් ලක්ෂ හයකට අලෙවි කිරීමට උත්සහ කළ වාරියපොල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනේ. කුරුණෑගල පොලීසිය සැකකාරිය අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.

නැගෙණහිර පළාත් සභා මැතිවරණය - 2008
Batticaloa Distric -> Kalkuda | Padirippu | Batticaloa
Trincomalee Distric -> Muthur | Trincomalee | Seruwila
Digamadulla Distric -> Pothuvil | Kalmunei | Ampara | Samanturei

'වී' රේඩියෝ පෙරළියේ මාර්තු මස ජයග්‍රාහිකාව - ශශිකලා ප්‍රියදර්ශනී
'වී' රේඩියෝ පෙරළියේ මාර්තු මස ජයග්‍රාහකයා ලෙස අංක 1/400 රත්මලේ පාර, දිවුලන්කඩවල ලිපිනයේ පදිංචි ශශිකලා ප්‍රියදර්ශනී හීරෝ හොන්ඩා ස්ප්ලෙන්ඩර් එන්.එක්ස්.ජී. මෝටර් සයිකලය දිනා ගනී. වී ගුවන් විදුලි නාලිකාවේ සාමාන්‍යාධිකාරී සෙනරත් රත්නින්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කිත්සිරි ජයවර්ධන සහ ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, ස්ටැෆර්ඩ් මෝටර්ස් ප්‍රධාන කාර්යාලයේ දී අප්‍රේල් මස 22 වන දින පස්වරු 3.00 ට පමණ දිණුම් ඇදීම සිදු විය. මාර්තු මාසය පුරා 'වී' ශ්‍රාවකයන්ගෙන් ලැබුණ තැපැල් පත් දස දහස් ගණනකට වැඩි සංඛ්‍යවක් මෙම දිනුම් ඇඳීම සඳහා තෝරාගෙන තිබිණ.

මිහිකත දිනය ප්‍රසංගය (Earth Day Concert) - බුදෝකාන් රංග ශාලාව, ටෝකියෝ, ජපානය

Get the Flash Player 8 or higher to see this page.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනි දින මිහිකත් දිනයක් උදා විය. එදින ද මිහිකතට සත්කාර කිරීමේ කෘතගුණය හිතට දැනිණ. මිහිකත් දින සැමරුම් නිමිත්ත පෙරදැරිව ටෝකියෝ නගරයේ බුදෝකාන් රංග ශාලාව පරිසර හිතකාමී සත් ජනයින් දස දහසකින් පිරී ඉතිරී ගියේය. ඒ ටෝකියෝ එෆ්.එම්. ගුවන්විදුලිය සහ වී එෆ්.එම්. ගුවන්විදුලිය මිත්‍රත්වයේ දෑත් දිගුකර මිහිකතට ළෙන්ගතුකම දැක්වීමේ සත්කාරයක් ලෙසිනි.

බුදෝකාන් රංග ශාලාවේ දස දහසක් වූ ප්‍රේක්ෂක අසුන් පිරී ඉතිරී ගිය නොහිම් මොහොතේ පොප් ගී රැජින වන මැඩෝනා සිය මිහිකත් සැමරුම් සුබපැතුම් වාතලයට මුසු කළා ය. ඒ උණුසුම් සුබපැතුම් සමග ලොව ප්‍රකට ගායක ගායිකාවන් වන කැනේඩියානු ජාතික ඩැනියෙල් පවුටර්, ජපන් ජාතික සුපිරි පොප් තාරතාවන් වන බොනී පින්ක් සහ අයාකා සහභාගි වූයේ මිහිකත සුරැකීමට තිබෙන්නා වූ සිත් උත්කර්ෂයට නංවමිනි. මෙහිදී එකතු වූ මුදල් අප්‍රිකානු පරිසර ක්‍රියාකාරී නොබෙල් ත්‍යාගලාභිනියක් වන ආචාර්ය වංගරි මාතායි වෙත වී එෆ්.එම්. සහ ටෝකියෝ එෆ්.එම්. පරිත්‍යාග කරන ලදී.

මෙම ප්‍රසංගය ඉංග්‍රීසි බසින් විකාශය වේ. මෙහි කථන රටා සියල්ලම සරල ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කෙරෙන නිසා, එය සිංහලට පරිවර්තනය නොකළේ, ඔබගේ රසාස්වාදනයට බාධාවක් විය හැකි නිසායි. ටෝකියෝ එෆ්.එම්. සහ වී එෆ්.එම්. සංවිධානය කළ ‛ටෝකියෝ අර්ත් ඩේ කොන්සර්ට්’ ප්‍රසංගයට මෙතැන් සිට ඔබට සමීප විය හැකියි.

මිහිතලයේ අයිස් ශීඛර උණුව වැගිරිණි. මහ සයුර කැළ‌ඹිණි. ගොඩබිම ගිල ගනිමින් පාඩම් කියා දුන්න ද සොබාදහම් දිනිතිය ගැන වගේ වගක් නොතිබිණි. ගිනියම් අම්ල වැසි වසින්නේ ද මේ නිසාය. මිනිසාගේ කෲරතර පාපී චේතනා නිසා මහපොළොවේ හෙට දවසේ පැවැත්ම අස්ථිර ය. තෙරක් නැති උණුසුමින් පෘථිවිය ගිනිජල් වේ. ඒ ගිනි ජාලා අප සියලු දෙනා වෙළාගන්නා දිනය වැඩි ඈතක නොවේ.

මේ ටෝකියෝ එෆ්.එම්. සහ වී එෆ්.එම්. සංවිධානය කළ ‛ටෝකියෝ අර්ත් ඩේ කොන්සර්ට්’ ප්‍රසංගයයි. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ ටෝකියෝ බුදෝකාන් ශාලාවේදීයි. මේ මොහොතෙහි බුදෝකාන් ශාලාවේ දස දහසක් වන අසුන් සියල්ල පිරී පවතියි. උණුසුම් සිතුවිලිවලින් පොපියන චමත්කාරයකින්, සියලු රසිකයන් උද්දාමයට පත්ව සිටියි. මිහිතල දිනය උදෙසා සැලසුම් කළ මෙම ප්‍රසංගය ඔබ ද රසවිඳ, මිහිතලය සහ ‛අර්ත් ඩේ කොන්සර්ට් ප්‍රසංගය’ ගැන ඔබේ අදහස් ලියන්න. වී. එෆ්. එම්. අංක 60, නුගේගොඩ.

මිහිමඬලට ආදරය කරන සෑම දිනයක් ම මිහිතල දිනයකි. එම සිතුවිල්ල පෙරදැරිව ඔබ රසවිඳි ‛අර්ත් ඩේ කොන්සර්ට්’ නිමාවන මොහොතේ හද පුරා ස්තුතියි කියන්නේ, ළෙන්ගතු සිතිනි.

මිහිතල දින ප්‍රසංගය රස විඳීමෙන් ඔබ ලද ආනන්දය අප වෙත දන්වන්නේ නම්, එය අපට හෙට දවසට අත්වැලකි.

අට දහය කතිකාව -- කතිකාව සමග සම්බන්ධ වන්න. ඔබේ අදහස් අප වෙත එවන්න --
බදාදා(2008-05-14) අට-දහය කතිකාව ----- අපේ රටේ ධාතූන්වහන්සේලා වැඩසිටින්නේ රහසිගතවයි ----- ඔබේ අදහස් +94-11-2814788 මගින් අප වෙත දන්වන්න       

Get the Flash Player 8 or higher to see this player.





රිදී ගී දෙහෝරාව වී ස්වර්ණ ස්වරාභිමානය අංජ බජල් විරිදු

පනස්පහ ට වෙනස් දෙයක්

වී විශේෂාංග


4.00 සි‍ට 6.00 දක්වා විකාශනය වේ.

වී.එෆ්.එම්. දවසේ වැඩසටහන් ඇරඹෙන්නේ හිමිදිරි වී වැඩසටහනෙනි. සෙත් පිරිතෙන් ඇරඹී උදෑසන නැවුම් හැගුම් දනවන ගීත ශ්‍රාවකයින් වෙත ඉදිරිපත් කරයි.

උදෑසන 6.00 සි‍ට 8.00 දක්වා විකාශනය වේ.

දවසේ ආරම්භයත් සමඟ ප්‍රබෝධමත් දිනයකට උචිත මානසික ප්‍රබෝධය ගෙනඒම පිණිස උදා ගී ඉදිරිපත් කෙරේ. දේශාභිමානී ගී, මව්ගුණ - පියගුණ ගී, පරිසර වර්ණනා, මෙන්ම ශ්‍රමාභිමාන ගී පමණක් මෙහිදී ශ්‍රාවකයා වෙත පිරිනැමේ.

පෙරවරු 10.00 සි‍ට 12.00 දක්වා විකාශනය වේ.

සරල විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහනකි. ඒ අතර හාස්‍ය මුසු නාට්‍යයක්ද සරල ගී රසවින්දනයක්ද ශ්‍රාවකයාට ලබාදෙන්නකි. ගුවන් විදුලි හඩ නළුවක් වන ''ඕං හීන් සැරේ'' කොටස් අටක් ලෙසින් පැය දෙක පුරාවටම විකාෂණය වේ.

මධ්‍යන්න 12.00 සි‍ට 02.00 දක්වා විකාශනය වේ.

උසස් රසාස්වාදයක් ඇති කිරීමේ අරමුණ ඇතිව හඳුනාගත් සොඳුරු ගීත පමණක් මෙහිදී ඉදිරිපත් කෙරේ. පවත්නා ගීත දර්ශකවල තිබෙන කඨෝරභාවය වෙනුවට සරල ලගන්නා සුළු ගී රස විඳීම හා එයින් විනෝදාශ්වාදයක් ලබා ගත හැකි බව අරමුණු කරගත් වැඩසටහනකි.

පස්වරු 02.00 සි‍ට 04.00 දක්වා විකාශනය වේ.

අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි.අසන්නන් සමඟ සමීපවීම හා ඔවුනට සරල රසවත් ගී හඳුන්වා දීම මෙහි අරමුණයි.මන්ද අප හඳුනාගත් සොඳුරු ගී පමණක් මෙහිදී ඉදිරිපත් වේ. එමගින් ද සුභාවිත ගී අසන්නාට සමීප කරවීම අරමුණයි.



පස්වරු 4.00 සිට විකාශනය වේ.

සිංහල, ඉංග්‍රීසි, හින්දි මිශ්‍ර ගී සමඟ දැනුම හා විනෝදය සපයන සරල රසවින්දනාත්මක වැඩසටහනකි.

පස්වරු 6.00 සිට විකාශනය වේ.

1970 දශකයේ බිහිවූ කණ්ඩායම් සංගීතය හා 1970 දශකයේ බිහිවූ ගායක ගායිකාවන්ගේ ගීත ඉදිරිපත් කෙරෙන සංගීත වැඩසටහනකි. හැත්තෑව දශකය ගීත කලාවේ වෙනස් ආරක් සටහන් කළ අතර එම ගීත ඇසීමට නූතන රසිකයින්ට අවකාශ සලසාදීම වැඩසටහනේ අරමුණ වේ.

රාත්‍රී 08.00 සිට විකාශනය වේ.

යමෙකුගේ ජීවිතය සමග වඩාත් සමීපව බැඳුනු කිසියම් සුවිශේෂී ගීතයක් පිළිබඳ සිය අත්දැකීම් අන්‍යයන් හා බෙදා හදා ගැනීමට ඉඩ සැලසෙන වැඩ සටහනකි.

අතිශය පෞද්ගලික අත්දැකීමක්, විඳීමක් අනෙකා හා බෙදා හදා ගනිමින් සජීවීව සිය අදහස් ගුවන් විදුලි මාධ්‍යය හරහා ප්‍රචාරය කර ගැනීමට උනන්දු වන ශ්‍රාවකයාට "හිත අද්දර" සොඳුරු තෝතැන්නකි.

රාත්‍රී 10.00 සිට විකාශනය වේ.

බොහෝදෙනා ඇසීමට ප්‍රිය උපදවන සිංහල හා හින්දි ගී ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන, ඉතා ජනප්‍රිය ගීත සඳහා පමණක් වෙන්වී ඇත. රාත්‍රීයේදී විඳිය හැකි සරල ශාස්ත්‍රීය ගී ඇතුළත්ය.

මධ්‍යම රාත්‍රී 12.00 සිට විකාශනය වේ.

මධ්‍යම රාත්‍රී 12.00 සිට උදෑසන 4.00 දක්වා විකාෂණය වන මියුරු ගීතා වලියකි. රාත්‍රී කාලයේ දී රසවිඳිය හැකි සුභාවිත ගීත ඉදිරිපත් කෙරේ. විශේෂයෙන් නිදිවර්ජිතව රැකියා කරන හා වෙනත් කටයුතුවල යෙදෙන ශ්‍රාවකයින්ට නවමු ගීරස බෙදාදීම මෙහි අරමුණයි.


වී එෆ් එම් වැඩසටහන්-සතියේ දිනවල
අළුයම විකාශණය
05.00 - 05.50 පන්සිල් සහ සෙත් පිරිත්    
පෙර වරු විකාශණය
06.00 - 08.00 උදා වී  
07.00 am වී ප්‍රධා‍න පුවත්  
08.00 - 10.00 8-10 කතිකාව    
10.00 - 12.00 දවල් වෙලා  
මධ්‍යහ්න විකාශණය
12.00 pm වී ප්‍රධාන පුවත්  
12.00 - 02.00 ගී විසි පත/ගීත දර්ශකය  
පස් වරු විකාශණය
02.00 - 04.00 ගී ඔබේ වී/ගීත ඉල්ලීම්  
04.00 - 06.00 හැන්දෑ වී
06.00 pm වී ප්‍රධාන පුවත්  
රාත්‍රී විකාශණය
06.00 - 08.00 හැත්තෑවේ තරු    
08.00 - 10.00 හිත අද්දර
10.00 - 12.00 තරු වැස්ස    
මධ්‍යම රාත්‍රී
12.00 - 04.00 නින්ද නේන රාත්‍රීයේ

අපේ ලෝකය
අට දහය
රූප ඇල්බමය
Copyright (c) 2007-2008 All rights recerved. Lanka Television Networks (Pvt) Ltd.
"V-FM" Helaya Puraa ----- Visit www.vfmlanka.com -----