ගාමින්ද හා සුනෙත් ඉදිරිපත් කරන මෙම වැඩසටහනේ උපහාසය කැටි කොට ගත් "අරේ සහ මරේ" සංවාදය ප්‍රචාරය වේ.

දවසේ මෙහෙවර නිමා කොට නිවෙස් බලා යන මෙන්ම නිවසට පැමිණ විවේකයෙන් කාලය ගත කරන ශ්‍රාවකයනට සරල වින්දනයක් සමග සමාජය ගැන නැවත සිතා බැලීමේ පෙළඔවීමක් ද මෙමගින් සිදුවේ.

සතියේ දිනවල පස්වරු 4.00 සිට විකාශනය කෙරේ.