යමෙකුගේ ජීවිතය සමග වඩාත් සමීපව බැඳුනු කිසියම් සුවිශේෂී ගීතයක් පිළිබඳ සිය අත්දැකීම් අන්‍යයන් හා බෙදා හදා ගැනීමට ඉඩ සැලසෙන වැඩ සටහනකි.

අතිශය පෞද්ගලික අත්දැකීමක්, විඳීමක් අනෙකා හා බෙදා හදා ගනිමින් සජීවීව සිය අදහස් ගුවන් විදුලි මාධ්‍යය හරහා ප්‍රචාරය කර ගැනීමට උනන්දු වන ශ්‍රාවකයාට "හිත අද්දර" සොඳුරු අත් තෝතැන්නකි.

සතියේ දිනවල රාත්‍රී 10.00 සිට විකාශනය කෙරේ.