![]() රෑට රෑට වැඩසටහනෙන් ප්‍රචාරය වන ඒකාංගික නාට්‍ය මාලාව ජන කවිය ඇසුරු කොට, ග්‍රාමීය ජනතාවගේ හද ගැස්ම හඳුනා ගෙන ලියැවෙන්නකි. ජන සමාජයේ ජීවත් වන විවිධ චරිත හැසිරෙන ආකාරය හා ඔවුන්ගේ සිත්හි ඇතිවන භාව කම්පන මෙම නාට්‍ය මාලාව මගින් පිළිබිඹු කෙරේ. ළයාන්විතව ගැයෙන කවි ගායනා මුසු වූ දෙබස් මගින් නොනිදා රැය පහන් කරන ශ්‍රාවකයාගේ භාවයන් අවදි කරවා වැඩ සටහන වෙත ඇද බැඳ තබා ගනී. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 12.00 සිට විකාශනය වේ. |
|
|